කටුනායක අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකින් මරණයට පත් වූ සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි ප්රිංයංකා මහත්මිය අද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්වුණා.
ඒ දිවුලපිටිය ආසන සමුළුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.
එහිදී ඇය කියා සිටියේ සනත් නිශාන්ත මහතාගේ මලගම මතින් නැගිටින ගැහැණිය තමන් බවයි. දරුවන් සිවු දෙනෙකුගේ කදුළු සමග පක්ෂය වෙනුවෙන් තමන් නැගිටින බවත් ඇය එහිදී සඳහන් කළා.