
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.
පාර්ලිමේන්තු මැතිවරණයට තරගකළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක් ද ආදායම් වියදම් ලබා දී නොමැති බව සඳහන්.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලට ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 06වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.