බාල ඖෂධ නඩුවේ එන්නත් නිෂ්පාදනය කළ සුදත් ජානක ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළා.
ඒ එම නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී.
සැකකරු බන්ධනාගාරය මගින් අංගොඩ මානසික විද්‍යා ආයතනයට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
මේ අතර හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.