පොලිසියේ සෑම තරාතිරමකම තනතුරුවලින් 15%ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට 2006 වසරේ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම මේ දක්වා ප්‍රමාද වී තිබෙනවා.
එය ක්‍රියාත්මක වුවහොත් කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු ගණන එකේ සිට දෙක දක්වා ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය පොලිස්පති තනතුරු 4 සිට 7 දක්වා වැඩි වන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු 13 සිට 25 දක්වා ඉහළ යනු ඇති.
පිරිමින් සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14ක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 46ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 159ක්, පොලිස් අධිකාරීවරුන් 162ක් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 314ක් සඳහා දැනට තනතුරු තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් කාන්තාවන්ට ලැබිය යුතු උසස්වීම් ලැබීමට සහ නීත්‍යනුකූල අවශ්‍යතා ඉටුකර ගැනීමට මංපෙත් සකස් නොකළහොත් සහ අනෙකුත් කාන්තාවන්ට උසස්වීම් නොලැබුණහොත්, එම තනතුරුවල උසස් තනතුරු දැරීමට නුදුරු අනාගතයේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තාවන් නොමැති වීමේ අවදානමක් පවතිනවා.