![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2024/12/5-9.jpg)
ඊයේ දිනයේ තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවේ තමාට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද පිළිතුරු ලබා දුන්නා.
තමා නීති විද්යාල අවසන් වසර විභාගයට මුහුණදුන් ආකාරය ගැන ගැටළුවක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පත්වන ලෙසද මන්ත්රී රාජපක්ෂ ඉල්ලා සිටියා.
වෙනත් රටක දේශපාලන රැකවරණ ලබන පුද්ගලයකු එල්ල කරනු ලබන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් වහාම විමසා බැලිය යුතු බවද ඔහු කියා සිටියා.
ඊට පිළිතුරු ලබාදෙමින් වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ ප්රකාශ කළේ, විදේශ රටක සිට මෙම චෝදනා එල්ල කරන අදාළ පුද්ගලයා සාක්ෂි ලබාදීම සඳහා නුදුරේදීම ශ්රී ලංකාවට පැමිණෙන බවයි.
නැවත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා කියාසිටියේ, තමා තනිවම විභාගයට ලියූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, අදාළ චෝදනාව ඉදිරිපත් කළ වසන්ත සමරසිංහ ඇමැතිවරයා ඉල්ලා අස්විය යතු බවයි.