ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම සඳහා සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් නොවැම්බර් 21 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නා.
කෙසේ නමුත් පසුව එම දිනය 2024 දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කළා.
කිසියම් පුද්ගලයකුට ගිනිඅවි තවදුරටත් ළඟ තබාගැනීමට අවශ්‍ය නම් එම අවශ්‍යතාවය පැහැදිලි කරමින් ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණා.
එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනිඅවි පරික්ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමග අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
ජීවිත ආරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක්ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එලෙස ගිනිඅවි ලබාදීමද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරන බව සඳහන්.
මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
නියමිත දිනට පෙර සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියා.