පාතාල ගැටුම් සහ අපරාධ බහුල පොලිස් වසම් 43ක් හදුනාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම පොලිස් වසම් 43 බස්නාහිර දකුණු පළාත ආශ්රිතව පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් වැඩි ප්රමාණයක් කොළඹ සහ අවට ඇති බවත් එම ප්රදේශ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විශේෂ අවධානයකින් පසුවන බවත් පොලිස් මූලස්ථානය ස ඳහන් කළා.
මේ ආකාරයට රටේ පාතාල ක්රියාකාරීන් 1091ක් හදුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මේ අතර මෙරටින් පලාගිය පාතාල කල්ලි සාමාජිකයින් 40ක් පමණ ඩුබායි සහ ප්රංශයේ සිටින බවට තොරතුරු වාර්තා වන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.