ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්රමුඛ එම අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු මැතිවරණයේ මූල්‍ය කටයුතු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
2024 අයවැය මගින් රු. බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන්කර ඇති අතර රජය දැඩි මූල්‍ය කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් සිටියත් ඉදිරි ජනාධිපතිවරණයට මුදල් ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මූලික වශයෙන් තැපැල්, මුද්‍රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබාදීමට සූදානම් බවටත් මැතිවරණ අවශ්‍යතා පරිදි අදාළ මුදල් වරින්වර නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට හැකි බවටත් මුදල් අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් මැතිවරණ කොමිසමට වැඩිදුරටත් පවසා තිබෙනවා.