අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන ලද දත්ත පිළිබඳව පාර්ලිමේන්තුව සකස් කළ විශේෂ වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සභානායක කාර්යාලය විසින් යවන ලද ලිපියක සඳහන් කර ඇති ආකාරයට පාර්ලිමේන්තු වෙබ් අඩවියට එම විශේෂිත තොරතුරු ඇතුළත් කර ඇතැයි වාර්තාවේ දැක්වෙනවා.
වාර්තාව අනුව, හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු ලෙස නම් කරන අවස්ථාවේදී, ඔහුගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යොදා තිබුණා.
එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්රශ්න කර ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
මෙම පරීක්ෂණ, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා විසින් කරන ලද පැමිණිල්ලක් ආධාර කරගෙන ක්රියාත්මක කෙරුණා.