ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාර ගත්තා.
ගිහාන් ද සිල්වා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති වෘත්තීකයෙක්.
ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂේත්රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර, ඒ තුළින් බලපෑම්කාරී සන්නාම බිහි කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබෙනවා.
කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ගිහාන් ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි කරගෙන තිබෙනවා.
ඔහු සිය වෘත්තීය සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ ප්රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරනු ලබනවා.