
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් නොයෙක් හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ, අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.
විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ 2000කට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
තවද දේශපාලන පක්ෂ 30ක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව පවසනවා.
පළාත් පාලන මැතිවරණයට පසුගියදා නාමයෝජනා කැඳවූ අවස්ථාවේදී ඊට අපේක්ෂකයෝ 80,000කට වැඩි පිරිසක් ඉදිරිපත් වුණා.
මින් අපේක්ෂකයන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට එම මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ වල නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරනවා.