ලබන මාර්තු මාසය වනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොවනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
එහි සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ මාර්තු මාසය වෙනතුරු පවතින්නේ පොල් අවාරය නිසා කර්මාන්තවලට හා පාරිභෝගිකයන්ට පොල් බෙදා හැරීමේ තරඟයක් ඇතිවීම මත පොල් මිල ඉහළ යන බවයි.
මෙම තත්ත්වය පොල් වාරය පැමිණ අස්වැන්න වැඩිවෙන තෙක් පවතින බවද ඔහු පවසා සිටියා.
පවතින තත්ත්වයට විසඳුමක් ලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් රජය සතු පොල් ඉඩම්වල ඵලදාව සතොස හරහා පාරිභෝගිකයන්ට සෘජුවම බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බවද ඔහු තවදුරටත් පැවසුවා.