අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධ කරන කමිටු රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට එම කමිටු සභාපති ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මාධ්‍ය ඒකකය කටයුතු කර තිබෙනවා.
ඔහුගෙන් ඒ පිළිබඳව කල විමසීමේදී සඳහන් කර ඇත්තේ තම අදහස් පල කිරීමට කැමරාව බාධාවක් බවයි.
මෙම තත්වය හේතුවෙන් එම රැස්වීම ආවරණයට ගොස් සිටි මාධ්‍යවේදීන් බලවත් අපහසුතාවයට පත්ව තිබෙනවා.
මේ අතර කොළඹ පැවති වැඩසටහනට එක්වෙමින් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට ද ආණ්ඩුවට සිදුව ඇති බවයි.
ආණ්ඩුවට පැමිණීමට පෙර තමන්ට තිබුණේ පාරේ සටනක් වුවද දැන් පවතින්නේ රාජ්‍ය නිලධාරීන් සමග සටනක් බවත් පැවසූ ඔහු රාජ්‍ය සේවය ඇතැම් පිරිස් පරණ දූෂිත ක්‍රමයටම වැඩ කරමින් සිටින බවද කියා සිටියා.
ඒ හේතුවෙන් ජනතාවට සහනදීම, ජනතාවගේ අයිතිවාසිකම් රැකීම ආදියට බාධා වෙමින් ඇති බවද ඔහු කියා සිටියා.
පරණ පුරුදු විදිහට වැඩ කිරීම අතහරින්න බැරි එම නිලධාරින් නව ආණ්ඩුවේ ජනවරම තේරුම් ගෙන නැති බවද ඔහු පැවසුවා.
‘දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අපට අද අපිට මුදල් අමාත්‍යාංශය එක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. බදු ප්‍රතිපත්ති ගැන රණ්ඩු කරන්න වෙලා තියෙනවා’