ශ්‍රී ලංකාවේ පළමු IMAX සිනමාහල හැව්ලොක් සිටි සුපිරි සාප්පු සංකීර්ණයේදී විවෘත වීමට නියමිතයි.
ඒ අනුව Scope Cinemas විසින් ජූලි 26 වන දින එය ජනතාවට විවෘත වනු ඇති.
Scope Cinemas නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණයේදී නව IMAX® රඟහල විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිනමා අත්දැකීම් සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් සිදුකිරීමට තමන් සූදානම් වන බවයි.
ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් සඳහා අසමසම මට්ටමේ ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීමක් ගෙන ඒමට මේ තුළින් අපේක්ෂා කෙරෙනවා.
IMAX අති නවීන තාක්ෂණය සහ අද්විතීය ලෙස චිත්‍රපට ඉදිරිපත් කිරීමේ හැකියාවන් සඳහා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.
මෙම තාක්ෂණය ඔස්සේ විස්මයජනක ශ්‍රව්‍ය සඳහා IMAX නිරවද්‍ය ශබ්දය සහ සෑම ආසනයකම පැහැදිලිව බැලීම සඳහා ආසනවලින් සමන්විත වේ.
චිත්‍රපට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්රමයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් අන්තර්ජාලය තුළින් ප්වේශපත්ර වෙන්කිරීමේ ක්‍රමය හඳුන්වාදුන්නේද Scope Cinemas සමාගමයි.