ලොව පුරා රටවල් රැසක ගුවන් සේවා, බැංකු, ඇතුළු ප්‍රධාන පෙළේ ක්ෂේත්රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇණහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතර ප්‍රධාන කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන ඇතුළත් බවද වාර්තා වනවා.
ඔ්ස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපළ ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බව සඳහන්.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇතිවූවක් බවට වාර්තා පළ වනවා.