ආනයන ක්‍රියාවලිය යටතේ මේවනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 77 ක් රටට ලැබී ඇති බවත්, තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 11 ක් පමණ වරායේ පවතින බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස අනාවරණය කළා.
එම සහල් තොග කඩිනමින් නිදහස් කරන බවත්, ඒවා බෙදාහැරීම පෞද්ගලික අංශය හරහා සිදුවන බැවින් යම් යම් ගැටළු පැවතිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, රට තුළ පවතින රතු කැකුළු සහල් හිඟය ද ඉතා කෙටිකාලයක් තුළ විසඳිය හැකි බවයි.
සහල් ආනයනය කළ ද ජනවාරි මාසයේ මැද වනවිට දේශීය ගොවියාගේ සහල් වෙළඳපොළට ලැබෙනු ඇති බවත්, රජය ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බවත්, රට තුළ සහල් මිල පවත්වාගන්නේ දේශීය ගොවියාට හානියක් නොවන පරිදි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
මේ අතර බියර් නිෂ්පාදනය සඳහා ආනයනික සහල් තොග විකිණෙන බවක් පිළිබඳව තොරතුරු වාර්තාවී නොමැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.