කොළඹ සමාජ ශාලාවක රාත්‍රී කාලයේදී ඇති වූ සාදයක් අතරතුරු ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදහස් පළ කර තිබෙනවා.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළා.
“පුතාලා පැරදිලා නම් ගෙදර හිටපං කියලා එක්නෙක් වැලමිටෙන් මට ඇන්නා. ඔහු එසේ ඇන ඉදිරියට යන විට ඔහු වෙතට යාමට මම උත්සාහ කළත් පිරිස වැළැක්වූවා. මම දැන් ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් නොවේ සාමාන්‍ය කෙනෙක්”එහෙම කෙනෙකුට නිදහසේ ජීවත්වීමට ඇති අයිතියට බාධා කරන්න දෙන්න පුළුවන්ද?
ඔහු මට කුණුහරුපෙන් බැන්නා මම ඔහුටත් ඒ වචනම කිව්වා. මම පුංචි කාලේ ඉඳන් මට අයුක්තියක් කළොත් පස්සට ගිය කෙනෙක් නෙමේ”