කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 16,000 සීමාව ඉක්මවා ගියා.
ශ්රී ලංකා ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසින් සැලකෙනවා.
ඒ අනුව අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස්, ඒකක 16,348.55ක් ලෙස සටහන් වුණා.
මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 2.53%ක වර්ධනයක්.
මේ අතර අද දින රු. බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්.