පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ (FCID) ප්‍රධානියා ලෙස කටයුතු කළ, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රවී විද්‍යාලංකාරට එරෙහිව ප්‍රකට ව්‍යාපාරිකයකු වන චන්ද්‍රසේන කොඩිකාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අඩක් ඉදිකර ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදීගැනීමේදී තමාගෙන් රුපියල් ලක්ෂ 750ක් ලබාගෙන, එම මුදල වංචා කළ බව පවසමින් මෙම ව්‍යාපාරිකයා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, ජානකී, පියුමාලි ඇතුළු පිරිසක්ද මෙම ගැටලුවට සම්බන්ධ බවද එම ව්‍යාපාරිකයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තමා මීට පෙර නඩු 7ක් පවරා ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 15 වතාවක් පමණ පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
නීතිඥ රවී විද්‍යාලංකාර මේවනවිට කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලට අදාල සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර එවැනි ගනුදෙනුවක් සිදුවන වකවානුවේ තමා එම ආයතනයේ සේවය නොකළ බව ඔහු පවසනවා. මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයාගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.