ලෝකයේ මහාද්වීප හතේ උසම කඳු මුදුන් තරණය කර , ඒවායේ ශ්‍රී ලංකා ජාතික ධජය එසවීම තම එකම බලාපොරොත්තුව බව ශ්‍රී ලාංකික කඳු තරණය කරන්නෙකු වන යොහාන් පීරිස් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුන වන මීටර් 4,690 ක් උස මවුන්ට් වින්සන් තරණය කිරීම සදහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අවස්ථාවේදීයි.
පනස් හැවිරිදි යොහාන් පීරිස් මේ වනවිට ආසියාවේ – එවරස්ට්, ඕස්ට්‍රේලියාවේ – කොසිඔස්කෝ , අප්‍රිකාවේ – කිලිමැන්ජාරෝ මෙන්ම යුරෝපයේ – එල්බ්‍රෙස් යන කඳු හතර සාර්ථකව තරණය කර ඇති අයෙකු වනවා.
ඔහුට මහද්වීප හතේ උසම කඳු මුදුන් තරණයේදී තවදුරටත් ඉතිරිව පවතින්නේ ආජන්ටිනාවේ – ඇකන්කගුවා සහ ඇලෙස්කාවේ – මවුන්ට් දිනාලි යන කඳු මුදුන් තරණය කිරීම පමණයි.