2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්රසිද්ධ දැන්වීම් පළ කර තිබෙනවා.
ඒ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යංශය විසින්.
ජාතික පුවත්පත්වල පළ කර ඇති දැන්වීමක දැක්වෙන්නේ අම්පාර පරගහකැලේ ගබඩාවේ කිරි සම්බා කිලෝ එක් ලක්ෂ දහනම දහසක ප්රමාණයක් බැහැර කිරීම සඳහා මෙසේ මිල ගණන් කැඳවන බවයි.
කෙසේවෙතත් පසුගිය රජය විසින් එකදු වී ඇටයක් හෝ මිලදී නොගත් බවත් බවට රජයේ පාර්ශවයෙන්ම චෝදනා එල්ල වන පසුබිමක රජය විසින්ම මෙම පුවත්පත් දැන්වීම පළ කිරීම විශේෂත්වයක්.
ලියාපදිංචි නොවූ ජංගම දුරකථනවලට ඉදිරියේදී දුරකථන සංඥා ක්රියාත්මක වෙන්නේ නැහැ
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.
ලියාපදිංචි නොවූ ජංගම දුරකථන සහ උපාංග මත ඉදිරියේදී දුරකථන සංඥා ක්රියාත්මක නොවනු ඇති බවද ඔවුන් නිවේදනය කරනවා.
මෙම මස 28 වන දින පෙර ලියාපදිංචි වන ජංගම දුරකථන සඳහා මෙම අක්රිය කිරීම අදාළ නොවනු ඇති බවද එම කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.