එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
එමෙන්ම වෙනත් දේශපාලන ධාරාවක් සමග සාකච්ඡා පැවැත්වීමට දින නියම කරගෙන ඇති බවත්, ඔවුන් සමග සාකච්ඡා කර මැතිවරණය පිළිබඳ තීරණයක් ගන්නා බවත්, ඔහු සඳහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ.
එහිදී ඔහු මෙසේද පැවසුවා.
”අද විශේෂයෙන්ම අපේ කණ්ඩායම එකතු වෙලා එළඹෙන පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපිට පේනවා රජය සිංහල අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඉතින් අපි ලෑස්ති වෙනවා කොහොමද ඒ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන්නේ කියලා. සිලින්ඩරයෙන් තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. තවත් මේ රටේ දේශපාලන ධාරාවක් ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒවට දින නියම කරගෙන තියෙනවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම අපිට එකට හිතන්න පුළුවන්. ඒ වගේම මේ රටට ආදරය කරන ඒ සියලු දෙනා ඒකරාශී කරගත්තා වූ කඳවුරක අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්නයි ලෑස්තිවෙන්නේ. ඕනම ආණ්ඩුවකට විරුද්ධව ඒ ආණ්ඩුව, ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉටු කරන්නේ නැත්නම් එතකොට වෙන්නේ විපක්ෂයක් ප්‍රබල වෙන්න ඕන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න. නැත්නම් විපක්ෂයේ කොන්ද පණ නැත්නම් මුකුත් කරන්න බෑනේ. එතකොට ප්‍රබල විපක්ෂයක් එක්ක පළාත් පාලනයේ තරග කරලා ජයග්‍රහණය කරහම තමයි ආණ්ඩුව දැනගන්නේ ඔවුන්ට තියෙන්නේ ප්‍රසාදය ද අප්‍රසාදය ද කියලා. එකයි අපි ලෑස්ති වෙන්නේ.”