ඇලස්කා සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙක් ට වසර 226ක සිර දඬුවමක් ලබාදීමට ඇලස්කා අධිකරණයක් නියෝගකර තිබෙනවා.
එම පුද්ගලයා විසින් එක් කාන්තාවකට මියයන තුරුම හිරිහැර කර ඇති අතර ඔහු එම සිද්ධිය වීඩියෝ කිරීමටද පියවර ගෙන තිබුණා.
බ්රයන් ස්ටීවන් ස්මිත් නම් එම පුද්ගලයා ට එරෙහිව Kathleen Henry සහ Veronica Abouchuk ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 99 බැගින් සිර දඬුවම් නියම කෙරුණා.
අනෙක් වසර 28ක සිර දඬුවම ලබාදී ඇත්තේ එම කාන්තාවන්ව ලිංගික ව අපයෝජනය කිරීම සහ සාක්ෂි වෙනස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන්.
දකුණු අප්රිකානු ජාතිකයෙක් වන බ්රයන් ස්ටීවන් ස්මිත් පසුව අමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තිබුණා.