දින 4ක් පුරා පැවති හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය අද (19) අවසන් වුණා.
සම්මේලනයේ අවසන් දිනයේදී හිටපු ජනපති ට්රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්රම්ප්ද සම්මේලනයට එක් වුණා.
හිටපු ජනාධිපති ට්රම්ප් විනාඩි 90ක පමණ කාලයක් සම්මේලනය ඇමතූ අතර එය වාර්තා වන්නේ වසර 50කින් පමණ පසුව ජනාධිපති අපේක්ෂකයෙකු නාමයෝජනා භාර ගනිමින් කළ දීර්ඝතම කතාව ලෙසයි.
එහිදී ට්රම්ප් පවසා තිබුණේ දෙවියන්ගේ සහායද තමන්ට හිමිව ඇති බැවින් ඝාතන උත්සාහයෙන් දිවි ගලවා ගැනීමට හැකි වූ බවයි.
තමන්ට එල්ලවූ වෙඩි ප්රහාරයෙන් මියගිය සිය ආධාරකරුගේ නිල ඇඳුම පවා සිප ගැනීමට ට්රම්ප් කටයුතු කළා.