
මත්පැන් හා දුම්වැටි වල බදු අනුපාතයන් ඉහළ දමන ලද්දේ මෙරට පවුල් කුටුම්බියන් සතුටෙන් තැබීම සඳහා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් හා දුම්මැටි බදු වැඩි කළා කියා කිසිදු පවුලක බිරිඳක් අකමැත්ත දක්වා නැති බවයි.
මත්පැන් හා දුම්වැටි භාවිතා කරන අය ද ඒ හරහා සොයන්නේ සතුටක් වින්දනයක් බවද පැවසූ ඔහු එම සතුට හා වින්දනය වෙනත් ආකාරයෙන් ලබා දෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියා.
ක්ලීන් ශ්‍රී ලංකා යටතේද මෙරට ජනතාව සතුටින් තැබිය හැකි වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් පෙන්වා දෙනවා.
මත්පැන් හා දුම්වැටි භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වයද පිරිහීමකට ලක්වෙන බවත් මෙම බදු වැඩි කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.