නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ සැරි සරන රිලා රංචු හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන දෙස් විදෙස් වන්දනාකරුවන් දුෂ්කරථාවයන්ට පත්ව තිබෙනවා.
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ සාම චෛයිතය හා ඒ අවට ප්‍රදේශයන් තුල රිලා රංචු වශයෙන් සැරි සරන අතර මෙම රිලා රංචු ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ කැම පාර්සල් ගමන් මළු ආදිය පැහැර ගෙන යාමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රිපාද වන්දනාවේ පැමිණි කීපදෙනකුම පවසන ලද්දේ නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන බොහෝ පිරිසක් සාම චෛයිතය අසල ගිමන් හරින බවත් තමන් රැගෙන එනු ලබන ආහාර ආදිය කෑමට ගන්නා බවත්ය.
මෙවන් අවස්ථාවලදි මෙහි සැරි සරන රිලා රංචු තම රැගෙන ගමන් මළු ආහාර පාර්සල් ආදිය පැහැර ගෙන යන බවත් මෙම තත්වයන් මත දේශිය වන්දනාකරුවන් මෙන්ම විදේශිය වන්දනාකරුවන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.