TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇතැම් විදෙස් මාධ්‍ය- වාර්තා කර තිබුණේ, චීනයේ බයිට්ඩාන්ස් සමාගම විසින් TikTok අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
හුදෙක් මෙම පුවත ප්‍රබන්ධයක් බව TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත් චීනයේ බයිට්ඩාන්ස් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය රටපුරා තහනම් කළ හැකි කෙටුම්පතක් සම්මත කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගත්තේ මෙම වසර ආරම්භයේදීයි.
ඒ අනුව ටික්ටොක් මෘදුකාංගය රටපුරා තහනම් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟ වුණා.
එවන් පසුබිමක අමෙරිකානු කොංග්‍රසයේ එම නීතියට එරෙහිව බයිට්ඩාන්ස් සමාගම ෆෙඩරල් අධිකරණයේ පෙත්සමක් ගොනුකළත් එය මීට සති කිහිපයකට පෙර ප්‍රතික්ෂේප වුණා.