ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය දියත් කිරීමේ දී, ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සලකන හම්බන්තොට නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (16) පෙරවරුවේ අත්සන් තැබිනි.
මෙම ගිවිසුමට අත්සන් තැබූවේ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීන සයිනොපෙක් සමාගම අතරයි. ප්රමුඛ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක්, ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙම පිරිපහදුව ඉදිකිරීමට කටයුතු කරනු ඇත.
මෙම නව පිරිපහදුව, තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත වන අතර, එහි නිෂ්පාදන වලින් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.
චීනයෙන් ලැබුණු මෙම දැවැන්ත ආයෝජනය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සහ හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට ද උදව් වනු ඇත.