මන්නාරම වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම බල රහිත කිරීම සඳහා රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම සලකා බැලීම මැයි මස 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කළා.
ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩු කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවත්, ව්‍යාපෘතිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත්ය.
එම නිවේදනය අනුව, අදාළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වැනිදා නැවත කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.