විදුලි ගාස්තුව වසර තුනක් තුළ 30%කින් අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඒ අනුව ජනවාරි 17 වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරිභෝගිකයන්ටන් සතුටින් දැනුම් දෙන බව බල ශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියා.
“රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදුලිබිල මේ වගේ සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට ලොකු සහනයක් බව මම දන්නවා. රජයක් හැටියට අපහසුතා දරාගෙන ඒවා කළමනාකරණය කරමින් ජනතාවට සහන ලබා දෙන්න පුළුවන්වීම ගැන සතුටුයි” යනුවෙන්ද බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියා.
මහජන උපයෝගීතා කොමිසම විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට නිර්දේශ කර තිබුණා.
අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.