ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා.
2021 වසරේදී අත්සන් කළ මෙම ගිවිසුම පවතින නියමන් සහ කොන්දේසිවලට යටත්ව පසුගිය මාසයේදී මෙලෙස දීර්ඝ කළ බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
චීන යුවාන් බිලියන 10ක එනම් ඩොලර් බිලියන 1.4 ක මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාවය නිරූපණය කෙරෙන බව ද එම නිවේදනයේ සදහන්.