තමන්ගේ විදෙස් සංචාර සඳහා ලක්ෂ 700ක් වැය වූ බව අයෙක් ප්‍රකාශ කර තිබූ බවත්, ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු දවස් කිහිපයකින් සියලු විදේශ සංචාර සඳහා වැය වූ වියදම් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගය වැයකර තිබෙන්නේ රජයේ මුදල් නොවන බවට සහතිකයක්ද දෙන බවද ඔහු ප්‍රකාශ කළා.
අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ජපානයේ සුකුබා හි පැවති ජනහමුවක් අමතමින්. මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටත් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීම බවද නුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙළිකර ගන්න බවත් නැවත එවැනි ව්‍යසනයක් සිදු නොවීමට වගබලා ගන්නා බවත් මේ සඳහා වගකිවයුතු කවර හෝ තරාතිරම්වල අය නීතිය ඉදිරියට ගෙන යාමේ වගකීම බාර ගන්න බවත් ඔහු ප්‍රකාශ කළා. ජනහමුව සඳහා සහභාගී වී සිටි කාන්තාවක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළා.
ජපානයේදී අපි පවත්වමින් ඉන්නේ මැතිවරණයට පෙර පවත්වන අවසන් විදෙස්ගත ශ්‍රී ලාංකික හමුවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇමතීමේ අවසන් රැස්වීම ජපානයට යොදා ගත්තේ අපේ රටේ ආර්ථිකයට හවුල්විය හැකි විශාල කණ්ඩායමක් ජපානයේ සිටින නිසා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.