පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එ්, විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
ඊයේ (21) දින කඩවත පොලිස් වසමේ අංක 338/5/බි, ගෝනහේන, වෑබඩ ලිපිනයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහි දී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා මත්කරල් 230ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්රදේශයේ පදිංචි මෙම වයස අවුරුදු 44ක කාන්තාව ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකා නිලධාරින් සමත්වුණා.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියව කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.