යාපනය, වඩමාරච්චි – නැගෙනහිර පට්ටිකාඩු මුහුදේ පාවෙමින් තිබූ බෝයාවක් නාවික හමුදාව හා ධීවරයින් එකතු වී ගොඩට රැගෙන ආ බව අප වාර්තාකරු පවසනවා.
එහිදී මෙම බෝයාව වෙනත් රටකට අයත් බෝයාවක් බවටයි නාවික හමුදාව මේ වනවිට සැක කරනු ලබන්නේ.
කෙසේවෙතත්, වාර්තාකරු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස යාපනය සහකාර ධීවර අධ්යක්ෂවරයාට දැනුම්දීමක්ද සිදුකර ඇති බවයි.
වසරක පමණ කාලයක සිට මෙම මුහුදු කලාපයට විවිධ වස්තු පාවී එන්නට පටන් ගෙන ඇති අතර, අවසන් වරට බුද්ධ ප්රතිමා හා බුද්ධ ඡායාරූප ඇතුළත් විහාර මන්දිරයක් පාවී පැමිණ තිබුනේ පසුගිය සතියේයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එය මියන්මාරයේ සිට මුහුදේ පාවී පැමිණි බවටයි.