ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (22) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
මුලින්ම විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මෙම ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 25 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යු.කේ.- 6107 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරුවේ පැමිණ තිබුණා.