ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.
විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.