වෙඩි ප්රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
පසුගිය 8 වන දින අතුරුගිරිය ප්රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්රහාරයකින් සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා.
එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
එහිදි කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කේ. සූජීවාගේ සැත්කම් කිහිපයකින් අනතුරුව මුදල් ගෙවා ප්රතිකාර කිරීම් සිදුකරනු ලබන වාට්ටුවක ප්රතිකාර ලැබු අතර මේ වන විට ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.
එමෙන්ම පොලීසිය අධිකරණයට සඳහන් කර ඇත්තේ ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන් සිද්ධියට අදාළව ප්රකාශයක් ද ලබාගත් බවයි.