ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිඳ බව ද අනාවරණය වී තිබෙනවා.
ඒ් අනුව මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී තිබෙනවා.
නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.
මේ අතර ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2024 මැයි මාසයේ දී 1.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4%ක් දක්වා වැඩි වී තිබෙනවා.
2024 මැයි මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9%ක් දක්වා වැඩි වී තිබේ.
එමෙන්ම, 2024 මැයි මාසයේ දී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා වැඩි වී තිබෙනවා.