
රේගු පරීක්ෂාවකින් තොරව ආනයනික බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් කරයි.
ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
ආනයන බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීම..
- ශ්‍රී ලංකා රේගුව භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රම වේදය වශයෙන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ අවදානම් කළමනා කරණ මූලධර්ම වලට අනුව රේගු දත්ත පද්ධතිය හරහා භෞතික පරීක්ෂාවට ලක්කිරීම, ස්කෑන් පරීක්ෂාවට ලක්කිරීම, භෞතික හා ස්කෑන් යන පරීක්ෂා ද්විත්වයට ලක් කිරීම හා භෞතික හා ස්කෑන් යන පරීක්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම යන ක්‍රම වේද සඳහා තෝරා ගෙන අවශ්‍යය කටයුතු සිදුකර නිදහස් කිරීමයි.
- මෙම ක්‍රමය යටතේ භෞතික පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම විවිධ හේතු මත ප්‍රමාද වූ අතර එය විශාල තදබදයක් දක්වා ක්‍රමයෙන් වර්ධනය විය. එම නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ, කර්මාන්ත හා අනෙකුත් ව්‍යාපාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නොයෙක් ආනයනික භාණ්ඩ නිශ්කාශනය ප්‍රමාද වීම පිළිබඳව ශ්‍රි ලංකා රේගුවේ විශේෂ අවධානය නිරන්තරයෙන්ම යොමු කරන ලදි.
- මෙම ප්රශ්නය නිරාකරණය කර ගැනීමට විවිධ උපක්‍රම රේගුව විසින් භාවිතා කළ අතර එයින් එක් ක්‍රමයක් වුයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරික්ෂණ ඒකකයක් (Screening Unit) පිහිටුවා එමගින් අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන ආනයන බහාලුම් තෝරා නිදහස් කිරීමයි. කෙසේ වෙතත් දැනටමත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහාලුම් වලින් 60%ක් පමණ දෛනිකව භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් වන බව මෙහිදි සඳහන් කළ යුතුය.
- මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මගින් අනුමත කළ අතර එය අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයෙකුගේ අධීක්ෂණය යටතේ 2024.07.18 දින සිට තෝරාගත් නිර්නායකයන් යටතේ ක්‍රියාත්මක කරන ලදී.
- මෙම නිර්ණායකයන් අතර භාණ්ඩ පරිලෝකන පද්ධතිය හරහා ස්කෑන් කිරීම, මිල පිරික්සුම් කටයුතු නිම කිරිම, භාණ්ඩ නිශ්චිතව හඳුනාගැනීම සඳහා පුර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබීම, ආනයනකරුවන් කිහිප දෙනෙකුගේ භාණ්ඩ එකම බහාලුමක අඩංගු නොවීම, වෙනත් බලාත්මක අංශය මගින් නිරීක්ෂණය සිදු කෙරෙන ඒවා නොවීම සහ පරීක්ෂණ කමිටුවට සුදුසු යැයි හැගෙන ක්‍රියා මාර්ග ස්වකීය අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීම යන කරුණු අඩංගු වේ.
- 2024.07.18 දින සිට අවස්ථානුකූලව මෙම කමිටුව කිහිප වතාවක් රැස්වි අදාළ නිර්ණායකයන්ට අනුකූලව බහාලුම් නිදහස් කිරීම සිදු කරන ලදි. එසේ, වර්තමානයේ දී බහාලුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි පත් කරන ලද කමිටුව මගින්ද, 2025.01.12 දින අතිගරු ජනාධිපතිතුමන් සහ කමිටු සභාපති ගරු ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් රේගු අධ්යක්ෂ ජනරාල් වෙත බහාලුම් නිශ්කාශන කටයුතු ඉතා කඩිනමින් අවසන් කිරීමට දෙන ලද උපදෙස් ද අනුව ඉහත කමිටුව 2025.01.18 දින රැස් වී අදාළ නිර්ණායකයන්ට අනුව අදාළ බහාලුම සංඛ්‍යාව නිදහස් කරන ලදී.
- මෙම කමිටුවේ ක්‍රියාමාර්ග නිසා බහාලුම් තදබදය සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට හැකි වු අතර එමගින් ආනයනකරුවන් විශාල ප්‍රමාණයකට අඩු කාලසීමාවක් තුළ අවම වියදමක් යටතේ තමන්ගේ ආනයනයන් නිශ්කාශනය කර ගැනීමට හැකි විය.
- මේ පිළිබඳ වාර්තාවක් ගරු කම්කරු අමාත්‍ය හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා විසින් 2025.01.22 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.
- එසේම ඉහත සඳහන් බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන අතර, අවි ආයුධ, රත්රන් හා මත් ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමි වීමේ හැකියාවක් නොපැවති බව සඳහන් කරමි.
පී. බී. එස්. සී. නෝනිස්
රේගු අධ්යක්ෂ ජනරාල්