
ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපියලේ අගය ඉහළ පහළ යෑම සහ ආණ්ඩුව ජනතාවගෙන් බදු වශයෙන් අය කර ගන්නා මුදල වැඩිකිරීම වැනි බාහිර ක්‍රියාකාරකමක් සිදු වූ වහාම මෙම ලාභ ලැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබී තිබෙනවා.
මෙලෙස රටපුරා ඉන්ධන බෙදාහරින පිරවුම්හල් හිමියන්ට අයුතු ලාභයක් හිමිවනුයේ ඔවුන් අලෙවි කරන ඉන්ධන ලීටරයක් සඳහා 3%ක ලාභයක් සහිතව මුදල් ගෙවීමට කටයුතු කිරීම නිසාය. තෙල් බෙදාහරින ඉන්ධනහල් හිමියන් තමන්ගේ ලාභය ලෙස ගණන් බැලීමේදී විදුලි බිල, ජල බිල, සේවක පඩිනඩි, ගෙවිය යුතු ආදායම් බදු වැනි කරුණු සළකා බැලිය හැකියි. එම වියදම් සලකා බලා ලාභයක් සහිතව මෙම ව්‍යාපාරයට කරගෙන යෑමට ඔවුන්ට ඉඩකඩ ලබාදීම සාමාන්‍ය ක්‍රමය විය යුතු බව රජය මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පත්කළ කමිටු වාර්තාවකින් හෙළි කරගත් කරුණකි.
එසේ තිබියදී ඉන්ධන මිල තීරණය කිරීමේදී ආණ්ඩුව ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග පාදක කර ගනිමින් 3%ක් වැනි මුදලක් කිසිදු සම්බන්ධතාවයක් නොමැති මෙරට ඉන්ධන පිරවුම්හල් 1100ක් හිමි දහසකටත් අඩු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතළොස්සක් දෙනා ජනතා මුදල් අයථා ලෙස භාවිත කිරීමක් ලෙස හෙළිදරව් වී ඇත.
ඒ අනුව, වසර 2022 සිට 2024 මැද භාගය දක්වා රුපියල් බිලියන 35ක මුදලක් මෙම පිරවුම්හල් හිමියන් අතර බෙදීගොස් ඇතැයි රජයේ විගණන වාර්තාවක සඳහන් වේ.
පිරවුම්හල් හිමියන්ට 3%ක ලාභ තීරයක් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් අයුතු ලෙස ලාභ ලැබීමට ඉඩහැර තිබීම නවත්වන ලෙසට රජයේ විගණන වාර්තාවන් පවා කරුණු නිර්දේශ කොට තිබෙනවා. මේ ආකාරයට කරුණු නිර්දේශ කර සිටියදීත් අයුතු ලාභ ලැබීමට පිරවුම්හල් හිමියන්ට ඉඩහැර තිබීම වහාම නතර කළ යුතු බවට එම වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.