
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජින තරඟයේ දෙවන ස්ථානය ශ්රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබෙනවා.
එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් කිරුළ දරා ඇත්තේ දකුණු අප්රිකාවේ Tshego Gaelae.
එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබෙනවා.
ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරඟයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවා.
ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැම සඳහා අවස්ථාව හිමිවුණා.