
රාජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කළා.
එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්ව, රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්පෝලංකා ආයතනයට අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කර ඇතැයි ද බිමල් රත්නායක මහතා සඳහන් කළා.
එසේ යම් නීති විරෝධී දෙයක් සිදුව ඇත්නම් පැමිණිලි කරන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු කියා සිටියා.