
මෙම මස අවසන් වන විට පෞද්ගලික වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වන බව වෙළෙඳ, වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
නැවත වාහන ගෙන්වීමට වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ නිවෙස් වල ඇති වාහන අඩුවට ගැනීමට ඇතැමුන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරනවා.
ගෙදර නිවෙස් වල ඇති වාහනවල වටිනාකම අඩු නොවන ලෙස බදු අනුපාතයන් තීරණය කර ඇති බවද ඔහු කියා සිටියා.
නැවත වාහන වෙළෙඳපොල මාෆියාවල් ඇති නොවීමට සියල්ල තීරණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියා.