
කොත්මලේ බස් ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සඳහා සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු බොහෝ පුද්ගලයන් සිද්ධියෙන් පීඩාවට පත් දරුවන්ට සහ අනෙකුත් අයට ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.
එම අනතුරින් පුද්ගලයින් 23ක් මිය ගියා.
අනතුරින් මියගිය පුද්ගලයන් ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසනවා.