
අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරෙනවා.
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බවයි.
මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද ඔහු සඳහන් කළා.
ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතු වූයේ ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බවත් ඔහු කියා සිටියා.
කෙසේ වෙතත් මේවන විටත් ඇතැම් ප්රදේශවල ලුණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් දෙසිය ඉක්මවූ මිලකටයි.