
26 හැවිරිදි මනාලයකු සිය මංගල දිනයේදීම හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
මංගල පෙරහර අතරතුරදී ඔහු අශ්වයාගේ පිට උඩින් බිමට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී ඔහුව රෝහලක් වෙත කඩිනමින් රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ.
පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහුට හෘදයාබාධයක් ඇති වී ඇති බවයි.
සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු එම ඉන්දීය මනාලයා අශ්වයාගේ පිට උඩ සිට අඩපණ වී වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.