
අද දින අළුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක් ව ඇති බවට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම බස් රථය ඇඹිලිපිටිය ප්රදේශයේ සිට අනුරාධපුර ප්රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති බවත්, ඔවුන් පැමිණි බස් රථය මෙලෙස ගින්නක් හටගෙන ඇති බවත්, එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසු වී මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. .
මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනුරාධපුර නගර සභා ගිනි නිවිමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත. උඩමළුව පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.