
අපරාධ සිදුවීම් සහ ඒවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදීමේ වගකීමක් සහ යුතුකමක් මහජනතාවට ඇති බවත්, එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහසිගතභාවය සම්පුර්ණයෙන් ආරක්ෂා කරන බවත්, 1997 යන අංකය ඔස්සේ මෙවැනි තොරතුරු පොලිසියට දැනුම්දිය හැකි බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී, අවි-අයුධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට විශේෂ අවස්ථාවක් පවතින බවද පොලිස්පතිවරයා අවධාරණය කළා.
එහිදී, ටී56 ගිනිඅවියක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමක් මඟින් එම ආයුද සොයා ගැනීමට හැකි වුවහොත්, තොරතුරු ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.
මෙය මහජනතාවට පුළුල්ව දැනුම්දීම සඳහා විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.