
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් නිල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට අද පාර්ලිමේන්තුව තීරණය කළා.
නියෝජ්‍ය අමාත්‍ය හේවගේගේ කතාව අතරතුර, සජබ මන්ත්‍රීවරිය විවේචනය කළ අවස්ථාවේදී, වෙනත් වාසගමකින් ඇයට ආමන්ත්‍රණය කිරීමෙන් සභා ගර්භයේ දැඩි කෝපයක් ඇතිවුණා.
සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා වහාම එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ අතර, එය පාර්ලිමේන්තු වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළා.
මෙම තත්ත්වය හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය හේවගේ සහ මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර උණුසුම් වාග් විවාදයක් ඇතිවුණා.
වාදය අතරතුර, නලින් හේවගේ පැවසුවේ තමන් සදහන් කළේ සමාන නමක් ඇති වෙනත් පුද්ගලයෙකු ගැන බවයි.
අවසානයේ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් සමාව ඉල්ලා, අදාළ විවාදාත්මක ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව තහවුරු කළා.