
වෛරස් විද්‍යාඥ ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් ක්‍රියාත්මක චීන පර්යේෂක කණ්ඩායමක් සතුන්ගෙන් මිනිසාට පැතිරිය හැකි නව කොරෝනා වෛරසයක් අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෛරසය අනාගත ව්‍යාප්ත අවදානම් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ඇතිකර ඇති බව සඳහන්.
HKU5-CoV-2 ලෙස හඳුනාගත් මෙම වෛරසය, “මර්ස්” වෛරසයද ඇතුළත් මර්බෙකො වයිරස් උප කුලයට අයත් වන අතර, එය මිනිස් සෛලවල ACE2 ප්‍රතිග්‍රාහකයට බැඳී ආසාදනය විය හැකි බව පර්යේෂණයෙන් හෙළිවී ඇත.
මෙය කොවිඩ්-19 වෛරසය පැතිරී යන ආකාරය සමඟ සමාන බව රොයිටර් පුවත් ඒජන්සිය උපුටා දක්වනවා.
“සෙල්” සඟරාවේ ප්‍රකාශයට පත් පර්යේෂණයකට අනුව, “HKU5-CoV-2” රසායනාගාර පරීක්ෂණ තුළ මිනිස් සෛල ආසාදනය කළ හැකි බව සනාථ වී ඇති අතර, මෙම වෛරසයට විශේෂිත වේගවත් පැතිරීමේ හැකියාවක් ඇති බවද වාර්තා වනවා.
මෙය අනාගත ව්‍යාප්ති අවදානමක් ඇති කළ හැකි බැවින්, ජාත්‍යන්තර විද්‍යාත්මක ප්‍රජාව දැඩි අවධානයෙන් මෙම තත්ත්වය නිරීක්ෂණය කරන බව සඳහන්.